Tuesday, 8 March 2011

ඈ කෙස් ගසක් මෙන් කුඩා වෙයි.මුල නොනැමෙයි, අග සුලඟටත් ලෙල දෙයි.

Saturday, 5 February 2011

ඈ මගේ කැඩුනු සපත්තුවට ගැසූ ඇණයකි. ඈ නොමැතිව මා ගමන යා නොහේ, අඩියක් පාසා කකුලද රිදවයි.

Saturday, 22 January 2011

විශාල සිමෙන්ති බැම්මක් ඉතා කුඩා ගසක මුලකින් බිඳ හෙලිය හැකි බැව් ඈ නොදනී.

Sunday, 16 January 2011

මා ලියන කවිය ඇයම වෙයි.ඈ ලියන කවියම මගේ වනු ඇත.

Sunday, 19 December 2010

ඈ මා අබියස සීරුනු CD තැටියක් වෙයි.අද ඇයට මා CD කවරයක් වීමට කැමතිය.

Tuesday, 7 December 2010

මා ලඟ හිස් අරක්කු බෝතල් කීපයක් ඇත.බාර් එකක් ඈ සතුය.

Friday, 26 November 2010

කළුවරේ ඈ හිරිකඩින් විත් මොර සූරන වැස්සක්ව මා තෙමයි.මා සීතලේ ගැහෙද්දී කුඩයකින් විත් මා වෙත දැවටෙමින් තුරුලු වෙයි.

Wednesday, 24 November 2010

විභාග ප්‍රතිඵලයද ඈ මට ගෙනදෙනු ඇත.

විභාගයට මොහොතකට පෙර ඈ මට හමු විය.විභාගයට හේතුවද විභාගයද ඇයම විය.

Saturday, 2 October 2010

ඈ දේශපාලනයත් ආදරයත් පටලයි.එය ඈ විසින්ම ලිහන තුරු මා සිත බලාපොරොත්තු සහගතව රැය පහන් කරයි.

Saturday, 31 July 2010

"...ඈත කන්ඳෙ පාට පාට සමනල්ලු පාට පාට මල් වල..." - ඈ -
" ආ...සුරංගනා කතාවක්..." - මම -
"ඇයි සුරංගනා කතා වල විතරද ඈත කඳු වල ඉන්න පාට පාට සමනල්ලු පාට පාට මල් වල වහන්නේ" - ඈ -

Friday, 16 July 2010

නිසල ජලය හබල් පහරින් සසල වුවද ඔරුව ඉදිරිටම ඇදේ.

ගොරෝසු බිත්තියක හැපෙන සිහින් සුලඟක් සේ ඈ මා ගත වෙලෙයි.

Sunday, 23 May 2010

ඈ මා සමඟ වැස්සේ තෙම්යි. බොහෝ විට, පසුව ඇස් කහන විට වැස්සට තෙමුනු බව සිහි වේ.

ඈ ද මා මෙන්ම වැස්ස වැටෙන තුරු මඟ බලා සිටියි.තෙමීමට කැමති වුවද බිය වේ.